Wednesday, May 30, 2018

Image searching ගැන බිදක්!


මමත් අද ඉදන් පෝස්ට් ලියන්න පටන් ගත්තා. මන් අද කතා කරන්න යන මාතෘකාව තමයි හිතන්නකො අපි ගාව image එකක් තියෙනවා. ඒත් අපි ගාව තියෙන්නෙ ඒ ඉමේජ් එකේ original resolution එකේ quality කොපි එකක් නෙමෙයි. අපිට ඒ ඉමේජ් එකේ quality කොපි එක හොයාගන්න පුලුවන් ක්‍රමයක් තියේද? නැද්ද? කියන එක ගැන. මුලින්ම කියන්න ඕනේ මේ මගේ පලවෙනි පෝස්ට් එක. මේකේ ගොඩක් වැරදි අඩුපාඩුකම් ඇති. ඒවා පහතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මන් කැමතියි ඒවා හදාගන්න 
අපි ගාව තියෙන ඉමේජ් එකක quality කොපි එක ඉන්ටර්නෙට් එකේ තියේනම් හොයාගන්න ගොඩක් ක්‍රම තියේ. හැබැයි මන් හිතන්නෙ නෑ ඒවා 100%ක්ම සාර්තකයි කියලා. ඒත් අපිට ඒවලින් යම් තරමකට හරි වැඩක් ගන්න පුලුවන්. අපිට මේ පහසුකම අපි කවුරුත් දන්න ගූගල් සමාගම විසින් 2009 ඔක්තෝම්බර් 27 වෙනිදා අපිට ලාබා දුන්නා. මේ ක්‍රමයනම් මන් හිතනවා ගොඩක් අය දන්න ක්‍රමයක් කියලා. ඒකට තමයි අපි අද කියන්නෙ google image search කියලා.අපිට ඒකෙනුත් ‍යම් තරමක් දුරට වැඩක් ගන්න පුලුවන් හැබැයි මේ google image search එකෙන් අපිට ලබාගන්න පුලුවන් වෙන්නෙ අපි ලබාදෙන image එකට සමාන images internet එකෙන් හොයලා අපිට search result එක පෙන්නන එක. ඒත් මේකෙන් නම් අපිට ඕනෙ වැඩේ කරගන්න ටිකක් විතර අපහසුයි. ඒ මොකද කිව්වොත් මේකෙන් කරන්නෙ අපි දෙන පින්තූර වලට සමාන පින්තූර ගොඩක් search result එකේ පෙන්නන එක. ඒ ටික අතර අපිට ඕනෙ image එක තියෙන්නත් පුලුවන් ඒත් ඒ අපිට ඕනේ image එක ඒ ටික අතරින් හොයාගන්න එකනම් ටිකක් වෙහෙසකරයි. 
අන්න ඒ ප්‍රශ්නෙ මගහැර ගන්න පුලුවන් තරමක් හොද ක්‍රමයක් තියේ. ඒ තමයි Tineye කියන්නේ. මේක website එකක්. 
මේ link එකෙන් website එකට යන්න. - https://goo.gl/LgTD2K
මේකෙදි වෙන්නෙ අපි දෙන image එකට ගැලපෙන images internet එකෙන් හොයලා කෙටි වෙලාවකදී ඒ ටික අපිට ඒ අදාල website එකේ link එකත් එක්කම පෙන්නන එක. අර මන් කලින් කිව්ව google image search එකේ වගේ මේකෙදි බොහෝ දුරට අපි දෙන image ගැලපෙන images තමයි search results එකට එන්නේ. ඒක නිසා මන් හිතනවා google image search එකට වඩා මේ website එකෙන් අපිට ටිකක් හරි පහසුවෙන් අපිට ඕනේ වැඩේ කරගන්න පුලුවන් කියලා.
ඔයාලාත් මීට වඩා හොද ක්‍රම දන්නවා ඇත් ඒවත් පහතින් කමෙන්ට් කරගෙන යන්න. මේ පෝස්ට් එකේ අඩුපාඩු කම් හොද නරකත් පහතින් කමෙන්ට් කරගෙන යන්න. ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.

About Author

Praneeth Madush
Praneeth Madush

Author & Editor

I'm a young cyber security researcher. I have a strong passion for programming. So I known about PHP,Android App Development,VB.net and C#.

0 Comment:

Post a Comment